(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදරයෙකු වන රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (24) අලුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
රිෂාඩ් බදියුදීන් මන්ත්රීවරයා එම වීඩියෝවේ මෙසේ පවසයි.
වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
කතානායක දැනුවත් කළාද ඇහුවා.
එයාලා උත්තර දුන් නෑ..!
ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා.
මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ.
පාන්දර දෙක හමාරට තුනට විතර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත්
යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා.
මං පාර්ලිමේන්තු මන්ත්රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්..!
ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා.
එයාලා උත්තර දුන් නෑ.
වරෙන්තුවක් තියෙනවාද ඇහුවා.
ඒකටත් උත්තර දුන් නෑ.
මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නෑ.
මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ.
මගේ අත් පිරිසිදුයි.”








