FAST NEWS

24×7 Around the Globe

පිළියන්දල කොවිඩ් පොකුර ඉහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ කොවිඩ් රෝගීන් 64 ක් හමුවූ බව සෞඛ්‍ය බලධාරීන් පවසයි. 

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා සඳහන් කළේ, පීසිආර් පරීක්ෂණ 82 කින් එම ආසාදිතයින් හඳුනාගත් බවය.

මේ අතර , ත්‍රිකුණාමලය චීන වරාය ද්‍රවිඩ මහා විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඒ එම පාසලේ ගුරුවරියකට කොවිඩ් ආසාදනය වීම හේතුවෙනි.

පාසල මෙලෙස වසාදැමීමට හේතුවී ඇත්තේ අදාළ ගුරුවරියට දෙදිනකට පෙර පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර තිබියදී ඊයේ දිනයේදීත් පාසලට පැමිණ තිබීමයි.