FAST NEWS

24×7 Around the Globe

අමුත්තන්ට බන්ධනාගාර රැඳවියන් බැලීම සති 02 කට අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව අමුත්තන් සඳහා සති දෙකකට අත්හිටුවා ඇත.   

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක පවසා සිටියේ රටේ පවතින කොවිව් ආසාදිතයින්ගේ ඉහළ යෑම හේතුවෙන් එම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට (24) සිට සති දෙකක කාලයක් අමුත්තන් පෙන්වීම අත්හිටුවනු ලබයි.