FAST NEWS

24×7 Around the Globe

මියන්මාරයේ දී අත්අඩංගුවට පත් ලාංකික ධීවරයින් 12දෙනා අද දිවයිනට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මියන්මාරයේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ධීවරයින් 12 දෙනා අද (23) දිවයිනට ගෙන්වා ගැනීමට විදේශ අමාත්‍යංශය කටයුතු යොදා ඇත.

මියන්මාර රජය සමග පැවැති සාකච්ඡා වට කීපයකින් පසුව මෙම ධීවරයන් නිදහස් කර ගැනීමට හැකි වූ බව විදේශ අමාත්‍යංශය සඳහන් කළේය.

ලංකාවට පැමිණෙන මෙම ධීවරයන් නිරෝධායන නීතිය යටතේ නිරෝධායනය කීරිමටද කටයුතු සූදානම් කර ඇත බව ද එම අමාත්‍යංශය පවසයි.