FAST NEWS

24×7 Around the Globe

තවත් ප්‍රදේශ දෙකක් නැවත දැනුම්දෙන තුරු හුදෙකලා කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වාරියපොළ ප්‍රදේශයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙක මේ මොහොතේ සිට හුදකලා කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

මේ අතර, ඊයේ (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය පොලිස් වසම ද හුදකලා කෙරුණි.

ප්‍රදේශයේ කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා එම තීරණය ගත් බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම හුදකලා කිරීම් නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මකය.