FAST NEWS

24×7 Around the Globe

IDH රෝහලේ ධාරිතාව ඉක්මවා කොවිඩ් රෝගීන්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – IDH රෝහලේ පවතින ඉඩ ප්‍රමාණයට වඩා මේ වන විට රෝගීන් ඇතුළුත් කර ඇති බව එම රෝහල් ආරංචි මාර්ග පවසයි. 

එහි රෝගීන් 120 දෙනෙකුට ඉඩ පහසුකම් පවතින අතර මේවන විට කොවිඩ් ආසාදිතයන් 138 දෙනෙකු එහි ප්‍රථිකාර ලබයි.

එමෙන්ම එහි දැඩිසත්කාර ඒකකයේ ඇති ඇඳන් 08ම පිරී ඇති බව සඳහන් වේ.

එම රෝහලේ සිටින ආසාදිතයන්ගෙන්ගෙන් 20 % කට පමණ ඔක්සිජන් ලබා දී තිබෙන අතර , ඒ සමඟ ඔක්සිජන් අවශ්‍යතාවය ද ඉහළගොස් ඇති බව වාර්තා වෙයි.