FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මාලදිවයින් ගුවන් තොටුපලකදී අනතුරකට (PHOTOS)

(ෆාස්ට් නිව්ස් | මාලදිවයින) –  මාලදිවයිනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ නවතා තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL-116 දරණ ගුවන් යානය, භූමි මෙහෙයුම් ආධාරක වාහනයක ගැටී අනතුරට ලක්ව ඇත.     

එම යානයේ පිටුපස කොටසට අනතුරින් අලාභහානි සිදුව ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියි.

මාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිටින ශ්‍රීලංකන් ගුවන් යානා ඉංජිනේරු කණ්ඩායම මේ වන විට හානියට පත් කොටස් ප්‍රතිස්ථාපනය කර යානය නැවත සේවයට එක්කිරීමට කටයුතු කරමින් සිටී.