FAST NEWS

24×7 Around the Globe

විශ්වවිද්‍යාල ආරම්භය කල්යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විශ්වවිද්‍යාල ආරම්භ කරන දිනය සති දෙකකින් කල්දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.   

අද (22) උදෑසන පාර්ලිමේන්තුවේ දී කරුණු දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, මීට පෙර අප්‍රේල් 27 වන අඟහරුවාදා සියලු විශ්වවිද්‍යාල ආරම්භ කිරීමට තීරණය කළ ද සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ලද උපදෙස් මත එම දිනය වෙනස් කිරීමට තීරණය කළ බවය.

රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත අප්‍රේල් 27 වන දින සිට සති දෙකක් ගතවු පසු විශ්වවිද්‍යාල ආරම්භ කරන ලෙස සියලු උපකුලපතිවරුන්ට දැනුම්දුන් බව ද අමාත්‍යවරයා පැවසීය.