FAST NEWS

24×7 Around the Globe

අධ්‍යාපනයේ සිදුකිරීමට බලාපොරොත්තු වන වෙනස්කම් ගැන ජනපති පහදයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපනයේ නව නැම්මක් සඳහා අවශ්‍ය වෙනස්කම් කඩිනමින් හඳුන්වාදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.    

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති “රටක් වටිනා පොතක් ” පොත් දස දහසක් ලිවීමේ ජාතික වැඩසටහනේ පළමු අදියරෙහි සහතික පත් ප්‍රදානෝත්සවයට එක්වෙමින්.

අධ්‍යාපන අමාත්‍යංශය සහ පුස්තකාල ප්‍රලේඛන සේවා මණ්ඩලය ඒකාබද්ධව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර දරුවන්ගේ නිර්මාණශීලී ලිවීමේ හැකියාව සහ කියවීමේ හැකියාව වැඩිදියුණු කිරීම මෙහි අරමුණ වේ.