FAST NEWS

24×7 Around the Globe

ඇස්ට්‍රාසෙනෙකා හේතුවෙන් ලංකාවේ රුධිර කැටි ගැසීමේ සිදුවීම් 06 ක් – මරණ 03 ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් මෙරට පුද්ගලයන් තිදෙනෙකු රුධිරය කැටිගැසීම හේතුවෙන් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21) පාර්ලිමේන්තුවේදී අනාවරණ කළාය.

ඉන් 03 දෙනෙකු මරණයට පත්වී ඇති බව අමාත්‍යවරිය එහිදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග යටතේ කල ප්‍රකාශයකට පිළිතුරු දෙමින් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව සඳහන් කරසිටියාය.