FAST NEWS

24×7 Around the Globe

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් විභාගය තෙවන දිනට කල්තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම් වෙනුවෙන් නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් අද (20) අවසන් කෙරුණි.

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පාර්ශ්ව කිහිපයක් ඉදිරිපත් කළ පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම අද සිදුවූ අතර අතරමැදි පෙත්සම්කරුවන්ගේ කරුණු දැක්වීම හෙට (21) පෙරවරු 10 සිට ආරම්භ කිරීමට නියමිතය.