FAST NEWS

24×7 Around the Globe

කොවිඩ් මරණ දෙකක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.   

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 620කි.

මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක් සහ මාරස්සන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.