FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැ – තිලක් මාරපන

ඇවන්ගාඩ් සිදුවීමේදී කිසිදු නීති විරෝධී කටයුත්තක්‌ සිදුව නැතැයි නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය තිලක්‌ මාරපන මහතා ඊයේ (04 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.ආණ්‌ඩුව මාරුවීමෙන් පසුව පොලිසිය ඇවන්ගාඩ් සිද්ධිය මතු කළේ ලකුණු දමා ගැනීමට බවද ඇමැතිවරයා කීවේය.

ඇවන්ගාඩ් සිද්ධිය සඳහා නඩුවක්‌ පැවරීමට නිමිත්තක්‌ නැතැයි නීතිපතිවරයා පැහැදිලිව ප්‍රකාශ කර ඇතැයි කී ඇමැති මාරපන මහතා නීතිපතිවරයාද කිසිදිනක වැරදි කටයුත්තක්‌ සිදුකර නැතැයි කීය. ඇවන්ගාඩ් අවි ගබඩාවේ කිසිදු වංචාවක්‌ සිදුව නැති බවද හෙතෙම කීවේය.

ඇවන්ගාඩ් සිද්ධියට අදාළව සභාව කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයට එක්‌වෙමින් ඇමැතිවරයා එසේ කීය.