FAST NEWS

24×7 Around the Globe

අසේල සම්පත් ඇප මත මුදා හැරේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ආපන ශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිදායක අසේල සම්පත් ඇප මත මුදා හැර ඇත.    

වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරියට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කළ නඩුවකට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති විවෘත වරෙන්තුවක් අනුව ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.