FAST NEWS

24×7 Around the Globe

අප්‍රේල් 27 දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනේ සියලූම විශ්වවිද්‍යාල අප්‍රේල් 27 වන අගහරුවාදා අධ්‍යයන කටයුතු සඳහා නැවත විවෘත කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා සඳහන් කළේය.   

සෞඛ්‍ය නිර්දේශවලට දැඩි ලෙස අනුගත වෙමින් විශ්වවිද්‍යාල විවෘත කෙරෙනු ඇත.

නේවාසිකාගාර විවෘත කිරීමේ දී ගැටලුවක් පවතින බැවින් විශ්වවිද්‍යාල ආරම්භයේ දී 4 වන හා 3 වන වසරේ සිසුන් පමණක් ගෙන්වා ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඉන් පසුව පළමු හා දෙවන වසරේ සිසුන් සඳහා පන්ති ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර 2021 අගෝස්තු මාසයේ පාසල් නිවාඩුව මෙවර සතියකට සීමා කර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

විෂය මාලා ආවරණය කර ගැනීමට ඇති අවශ්‍යතාවය මත එම තීරණය ගෙන ඇත.

මෙවර උසස් පෙළ විභාගය ඔක්තෝබර් මස 4 වන දින සිට ඔක්තෝබර් 30 වන දා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝබර් මස 3 වන ඉරිදා දිනයේදීත් පැවැත්වේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය 2022 වසරේ ජනවාරි අවසන් සතියේ පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පිරිස් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.