FAST NEWS

24×7 Around the Globe

අලුත් අවුරුදු කාල සීමාවේ දී සතොසට වාර්තාගත ආදායමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 01 දින සිට 13 වැනි දින දක්වා සිංහල හා දෙමළ අලුත් අවුරුදු කාල සීමාව තුළ දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය විසින් වාර්තාගත ආදායමක් උපයා ඇති බව වෙළඳ අමාත්‍යංශය නිවේදනය කරයි.   

පෙර වසර වලට සාපේක්ෂ්ව මෙම වසරේ දී මෙලෙස ආදායම ඉහළ යාමට භාණ්ඩ වර්ග 27ක මිල ස්ථායීකරණ වැඩසටහන සහ සතොස සහන මල්ල ව්‍යාපෘතිය වැඩි බලපෑමක් සිදුකළ බව ද නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේය.

අලුත් අවුරුදු කාල සීමාව තුළ සතොස අලෙවි ආදායම් පිළිබඳ සලකා බැලීමේදී සතොස අලෙවිසැල් ජාලය විසින් 2020 වර්ෂයේ දී රුපියල් මිලියන 1306ක ආදායම උපයා ඇති අතර , සතොස ඉතිහාසයේ වැඩිම ආදායම් වාර්තාවක් තබමින් මෙම වසරේ දී ඉපැයූ ආදායම රුපියල් මිලියන 2750ක්.