FAST NEWS

24×7 Around the Globe

වරාය නගරය ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති ජනපති ලේකම්ට දැනුම් දෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනි නොවන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා දැනුවත් කර තිබේ.      

නීතිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ කිසිඳු තහනමකට හෝ පනවන ලද සීමා කීරීමකට අදාළ පනත් කෙටුම්පත පටහැනි නොවන බවයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා නීතිපතිවරයා දැනුවත් කරමින් යැවූ ලිපියකට පිළිතුර ලෙස නීතිපතිවරයා අදාළ නිවේදනය නිකුත් කිරීමට කටයුතු කර ඇත.