FAST NEWS

24×7 Around the Globe

ප්‍රදේශ රැසකට ප්‍රභල අකුණු සමග වැසි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

ඒ අනුව මධ්‍යම , ඌව , දකුණු සහ නැගෙනහිර පළාත් වලත් පොළොන්නරුව සහ රත්නපුර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර , සබරගමුව සහ මධ්‍යම පළාත් වල තැනින් තැන මිලි මීටර 75 ඉක්මවූ තරමක තද වැසි ද ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.