FAST NEWS

24×7 Around the Globe

සබරගමු සරසවියේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු සඳුදා ඇරඹේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ පළමු වසර සිසුන්ගේ අධ්‍යන කටයුතු අනිද්දා (19) දිනයේ ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේය.   

ඒ අනුව එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුන් සඳහා ප්‍රථමයෙන් අධ්‍යයන කටයුතු අරම්භ කරනු ඇත.

විද්‍යා, භාෂා සහ භූවිඥාපන පීඨවල අධ්‍යන කටයුතු අප්‍රේල් මස 20 වැනි දිනත්, කළමනාකරණ අධ්‍යන පීඨයේ ඉගැන්වීම් කටයුතු 24 වැනි දිනත් ආරම්භ කිරීමට නියමිතය.

මෙම පීඨවල පළමු වසර සිසුන් අධ්‍යන කටයුතු අරම්භ කරන දිනට පෙර දින නේවාසිකාගාරවලට පැමිණෙන ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උදය රත්නායක මහතා පැවසුවේ ය.