FAST NEWS

24×7 Around the Globe

බලපත්‍රලාභී මුදල් සමාගම්වලට වත්කමෙන් 10% ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීම්වලට අවසර

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සඳහා මුළු වත්කම් වලින් 20 %ක් දක්වා විදේශ මුදල් ණයට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව අවසර ලබාදී තිබේ.    

එක් එක් සමාගමේ සමස්ත ක්‍රියාකාරීත්වය මත පදනම්ව අදියර තුනක් යටතේ මුදල් ණයට ගැනීම සිදු කළ හැකි බව බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

බලපත්‍රලාභී මූල්‍ය සමාගම් විසින් විදේශ මුදල් ණයට ගැනිම සඳහා පහසුකම් සැලසීමට අදාළව මහ බැංකුව හඳුන්වාදුන් නව නියාමන රාමුවට අනුව මෙම අවස්ථාව හිමි වේ.

සමාගමක මුළු වත්කම් වලින් සියයට 10ක් දක්වා වන විදේශ මුදල් ණයට ගැනීමකදී මහ බැංකුවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර පූර්ව දැනුම්දීම ප්‍රමාණවත් වන බව මහ බැංකුව සඳහන් කළේය.