FAST NEWS

24×7 Around the Globe

අයහපත් කාලගුණයෙන් 1000 කට අධික පිරිසක් පීඩාවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 324 කට අයත් පුද්ගලයින් 1365 දෙනෙකු පීඩාවට පත්ව තිබේ.

පීඩාවට ලක්වූවන්ගෙන් වැඩි පිරිසක් මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකොරළේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේය.

එම ප්‍රදේශයේ පවුල් 195ක පුද්ගලයින් 846දෙනෙකු පීඩාවට පත්ව ඇත.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයේ පවුල් 27කට අයත් පුද්ගලයින් 142 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ වන විට එක් නිවසකට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 113කට අර්ධ ලෙස හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

අකුණූ ගැසීම් සහ ජල ගැලීම් හේතුවෙන් ඊයේ (16) පස්වරු 06.00 වන විට මුලතිව්, බදුල්ල සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල පුද්ගලයින් 06 දෙනෙකු මියගොස් තිබේ.