FAST NEWS

24×7 Around the Globe

කොටදෙණියාවේ සිසුවා ශ්‍රේෂ්ඨාධීකරණය යති.

කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය දුෂණය කළා යැයි බොරු චෝදනා නගමින් අත්අඩංගුවට ගෙන තමන්ට පහරදිමෙන් සිදුවු හානියට රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා ගම්පහ සිසුවා අද (4) ශ්‍රේෂ්ඨාධීකරණයේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.

නිතිඥ තීෂ්‍ය වේරගොඩ මහතා මාර්ගයෙන් ගොනු කළ මෙම පෙත්සමෙන් පෙත්සම්කාර ශිෂ්‍යා කියා සිටිනුයේ බොරු චෝදනා නගමින් පොලිසිය තමන්ට අමානුෂික ලෙස පහරදුන් බවත් ඉන් තමාගේ මුලික අයිතිවාසිකම් කඩවී ඇති හෙයින් අධිකරණයට හැගෙන සුදුසු වන්දියක් ද ලබාදෙන ලෙසය.

පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නිතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.