FAST NEWS

24×7 Around the Globe

ඩොලර් මිලියන 500ක් චීනයෙන් මෙරටට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  චීන සංවර්ධන බැංකුවෙන් රජය ඉල්ලා සිටි ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ක ණය මුදල අද මෙරටට ලබාදී තිබෙනවා.

මෙය පසුගිය වසරේ මාර්තු මස 18 වනදින අත්සන් කරන ලද 2020 විදේශ විනිමය කාලීන මූල්‍ය පහසුකමේ කොටසක් වන අතර, චීනය විසින් අදාළ ණය පහසුකම ලබාදී ඇත්තේ මෙරට සංවර්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.