FAST NEWS

24×7 Around the Globe

දුම්රියක් පීලි පනී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බදුල්ල සිට මහනුවර දක්වා අද (15) උදෑසන ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය හාලිඇල සංඥා කණුව අසළදී පීලි පැනීමකට ලක්වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

දුමිරියේ එන්ජිම කොටම මුළුමනින්ම පීලි පැනීමට ලක්ව ඇති අතර එය පීලිගත කිරීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.