FAST NEWS

24×7 Around the Globe

චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණයක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව අත්සන් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයෙන් ඩොලර් මිලියන 500 ක ණය මුදලක් ගැනීමට අදාළ ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇත.    

ශ්‍රී ලංකාව වෙනුවෙන් බෙයිජිං නුවර සිටින තානාපති පාලිත කොහොන මහතාත් චීන සංවර්ධන බැංකුවත් අතර මෙම ගිවිසුමට අත්සන් තබා ඇති බව බෙයිජිං නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේය.

කොවිඩ් 19 තත්ත්වය හමුවේ පසුබෑමකට ලක්ව ඇති ශ්‍රී ලංකා ආර්ථිකය නගා සිටුවීම සඳහා මෙම මුදල යෙදවීමට නියමිතයි.

මෙම ඩොලර් මිලියන 500 ක ණය මුදල, චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදීමට පොරොන්දුවූ ඩොලර් බිලියනයක ණය මුදලේ දෙවන වාරිකය වේ. එහි පළමු වාරිකය පසුගිය වසරේදී ශ්‍රී ලංකාවට හිමිවිය.