FAST NEWS

24×7 Around the Globe

පිළිකාකාරක කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රතිඅපනයනය සඳහා නැව්ගත කිරීම අද

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ප්‍රතිඅපනයනයට නියෝග කළ එක් සමාගමක පොල්තෙල් බහාලුම් අද නැව්ගත කරන බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නීති කටයුතු පිළිබඳ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා ප්‍රකාශ කළේය.  

විෂ කාරක අඩංගු පොල්තෙල් කන්ටේනර් ප්‍රති අපනයනය සඳහා නැව්ගත කිරීම අද පෙරවරු 09.30 ට සිදු කෙරෙන බව ශ්‍රී ලංකා රේගුව පැවසීය.

රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ දැනට පර්යන්ත ගත කර ඇති අදාළ සමාගමේ පිළිකා කාරක අඩංගු බවට තහවුරු වූ පොල්තෙල් මෙට්‍රික් ටොන් 15ක් අඩංගු බහලුම් 6ක් පමණ මෙලෙස නැව්ගත කරන බවයි.

ඒ අනුව බාබරා නම් නෞකාවෙන් රුපියල් කෝටි තුනකට අධික මෙම පොල්තෙල් තොගය මලයාසියාවට ප්‍රතිඅපනයනය කෙරෙනු ඇති.