FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ සාද පවත්වන්නන්ට පොලීසියෙන් අවවාදයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අන්තර්ජාලය යොදා ගනිමින් විවිධ සාද සංවිධානය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවරගෙන ඇති බවද ඔහු පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඒ සඳහා සියලු පොලිස් නිලධාරීන් දැනුවත් කරමින් විශේෂ චක්‍රලේඛයක් ද නිකුත්කර ඇති බවය.