FAST NEWS

24×7 Around the Globe

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක අභාවප්‍රාප්ත වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා අද (11) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ.

පවුලේ ඥාතියෙකු සඳහන් කළේ, ඒ මහතා හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් දින කිහිපයක සිට ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බවයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 58 කි.

වෛද්‍ය වසන්ත දිසානායක මහතාගේ දේහය පන්නිපිටිය, සෙත්සිරි පෙදෙස නිවසේ තැන්පත් කර තැබීමට නියමිත ය.

අවසන් කටයුතු ලබන 13 වැනිදා සවස සිදු කිරීමට නියමිතය.