FAST NEWS

24×7 Around the Globe

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අනිද්දා විවෘතයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලය ලබන 12 වැනිදා සාමාන්‍ය පරිදි විවෘතව තැබීමට තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එදින රජයේ නිවාඩු දිනයක් වුවද වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් අදාළ කාර්යාල විවෘතව තැබෙන බවය.

ඊට අමතරව කුරුණෑගල, ගම්පහ, අනුරාධපුරය, යාපනය සහ හම්බන්තොට කාර්යාල ද කලින් වේලාවක් වෙන්කර ගත් සේවාලාභීන් වෙනුවෙන් විවෘතව තැබෙන බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.