FAST NEWS

24×7 Around the Globe

වසර දෙකක් යනතුරු මරණ දඬුවම ක්‍රීයාත්මක කරන්නේ නැ – අධිකරණ ඇමති.

මරණ දඬුවම ලබාදුන්නද එය තවත් වසර දෙකක් යනතුරු ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බවත්, එල්.ටී.ටී.ඊ. සැකකරුවන්ගේ නඩු විභාග වෙනුවෙන් විශේෂ අධිකරණයක් පිහිටුවීමට බලාපොරොත්තුවන බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා කියා සිටියේය.

අධිකරණඅමාත්‍යවරයා මේබව කියා සිටියේ ඊයේ (03දා) යාපනය මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු එම්.ඉලංචේලියන් මහතා ඇතුළු තවත් විනිසුරුවරුන්ගේ සහ නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

“මරණ දඬුවම පනවන රටවල් අතරට ශ්‍රී ලංකාවත් ගැනෙනවා. ඒත් එක්සත් ජාතීන්ගේ තීරණය අනුව එය වසර දෙකෙන් දෙකට අත්හිටුවනවා. එක්සත් ජාතීන්ගේ එම යෝජනාවට ශ්‍රී ලංකාව වසර කිහිපයක් අත්සන් තබලත්, මෙවර ඉදිරිපත්වන යෝජනාවට අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම තවත් දෙවසරකට අත්හිටුවෙනවා” යැයි පැවසීය.