FAST NEWS

24×7 Around the Globe

උත්සව සමය වෙනුවෙන් විශේෂ බස් සහ දුම්රිය සේවාව අද සිට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අලුත් අවුරුදු සමය වෙනුවෙන් ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් වු විශේෂ ලංගම බස් රථ සේවා අද (09) සිට ක්‍රියාත්මකයි.   

අද සිට ලබන 15 වනදා දක්වා බස් රථ 1000 කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා යොදවා ඇති බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

එමෙන්ම අමතර දුම්රිය 21 ක් සහ අමතර දුම්රිය ගමන්වාර 58 ක් ද අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.