FAST NEWS

24×7 Around the Globe

යාපනය නගරාධිපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | යාපනය) – යාපනය මහනගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට පත්ව ඇත.   

යුද සමයේ දී එල්.ටී.ටී.ඊ පොලිස් නිලධාරීන් යැයි පැවසෙන පුද්ගලයින් භාවිත කළ ඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයින් 05 දෙනෙකු යාපනය නගරය ආසන්න ප්‍රදේශයක රාජකාරී කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම සංවිධානය ප්‍රවර්ධනයට අනුබලදීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අද (09) අලුයම අත්අඩංගුවට ගත් නගරාධිපතිවරයා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත භාර දීමට නියමිතය.