FAST NEWS

24×7 Around the Globe

තවත් කොවිඩ් මරණ 2ක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොවිඩ් -19 ආසාදිත පුද්ගල මරණ 2ක් අද (08) දිනයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරුකර තිබේ.

ඒ අනුව මෙරටදී සිදුව ඇති කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 593ක් දක්වා ඉහළගොස් ඇත.

එලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොණ්ඩාවිල් ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවකි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 49 දෙනෙකු අද (08) දිනයේ හඳුනාගෙන තිබේ.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 309කි.