ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන දිනය

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදෙන දිනය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අය සඳහා එහි දෙවැනි මාත්‍රාව අප්‍රේල් 23 වනදායින් පසුව ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඇය ඒ බව අද (08) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

ඇස්ට්‍රා සෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම ජනවාරි මස 29 වනදා සිට අප්‍රේල් 6 වනදා දක්වා සිදුකෙරිණි.

ඇමතිවරිය ඒ බව සඳහන් කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් 27(2) යටතේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

CATEGORIES

COMMENTS

Wordpress (0)