FAST NEWS

24×7 Around the Globe

කැරොලයින් ජූරි සහ චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –අත්අඩංගුවට ගත් ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි සහ නිරූපිකාවක් වන චුලා පද්මේන්ද්‍ර පොලිස් ඇප මත නිදහස්කර තිබේ.

ඔවුන් දෙදෙනාව අද (08) පස්වරුවේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගැණුනි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසූවේ, සාපරාධී බලහත්කාරය පෑම, සාපරාධි බියගැන්වීම හා සුළු තුවාල සිදුකිරීම යන චෝදනාවලට අදාළව කැරොලින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර එලෙස අත්අඩංගුවටගත් බවය.