FAST NEWS

24×7 Around the Globe

රන්ජන් වෙනුවට මාන්නප්පෙරුමගේ නම මැතිවරණ කොමිසමට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳින රන්ජන් රාමනායකගෙන් හිස් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට අජිත් මාන්නපෙරුමගේ නම මැතිවරණ කොමිසමට ලැබී ඇති බව වාර්තා වෙයි.   


එහි සභාපති නිමල් පුංචිහේවා කියා සිටියේ එම නම අද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යවන බවයි.

සිව් වසරක සිර දඬුවම් නියම වූ රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධූරය හිස්ව ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.