FAST NEWS

24×7 Around the Globe

තහනම් කෙරූ පාම් ඔයිල් ගැන රජය ගත් නව තීරණය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බේකරි සහ බිස්කට් කර්මාන්තශාලා සඳහා අවශ්‍ය පාම් ඔයිල් ආනයනය කිරීමට ඔවුන්ට විශේෂ බලපත්‍රයක් ලබාදීමට කටයුතු කර ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.  

පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් උපදෙස් ලබා දුන්නේ ෆාම් ඔයිල් ආනයනය සහ කටුපොල් වගාව තාවකාලිකව තහනම් කරන ලෙසයි.

කෙසේ වෙතත්, තම නිෂ්පාදන සඳහා වැඩි වශයෙන් ෆාම් ඔයිල් භාවිත කරන බැවින් මෙම තීරණය මගින් තමන් දැඩි අපහසුතාවයට පත්වන බව සමස්ත ලංකා බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කර සිටියේය.