පාකිස්තානයේදී ගුවන් යානයක් ඊයේ (03) අනතුරට ලක්විය.
ලාහෝර් හි පිහිටි ගුවන් තොටුපොළකට අදාළ ගුවන් යානය හදිසියේ ගොඩබාන අවස්ථාවේ සිදුවූ එම අනතුරින් පුද්ගලයින් දස දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ගුවන් යානය ධාවන පථයට ගොඩබාන අවස්ථාවේ ගුවන් යානයේ ටයරයක් පුපුරා යාමෙන් අනතුර සිදුවූ බව මූලික වාර්තාවල සඳහන්වේ.
එහෙත් කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය අනතුරට ලක්ව ඇතැයි තවත් වාර්තාවක සඳහන් විය.
අනතුර සිදුවන අවස්ථාවේ මගීන් සිය දෙනෙකුට වැඩි පිරිසක් එහි ගමන් ගනිමින් සිට ඇත අතර ඔවුහු ආරක්ෂිතව ඉන් ඉවත් කරගැනීමට ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලය සමත්ව ඇත.







