FAST NEWS

24×7 Around the Globe

පාම් ඔයිල් ආනයනය තහනම් කරයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කිරීමට පියවර ගෙන ඇත.  

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් දී ඇති උපදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇති බව සදහන්.

එමෙන්ම දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීමද සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනූව මේ සමගම මෙරට තුළ කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය වැඩිදුරටත් සදහන් කලේ..