FAST NEWS

24×7 Around the Globe

අද සිට දින 10 ක් සූර්යයා ශ්‍රී ලංකාවට ඉහළින්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (05) සිට ලබන 14 වනදා දක්වා ශ්‍රී ලංකාවට සූර්යයා මුදුන් වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.   

ඒ අනුව අද පස්වරු 12.13 ට තෙල්වත්ත – බද්දේගම – දෙදියවල – මුලටියන – අගුණකොළපැළැස්ස සහ උඩමළල යන ප්‍රදේශවලට සූර්යයා මුදුන්ව පවතිනු ඇත.

මීට අමතරව , සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.