වසර 65 කට පසුව චීන තායිවාන නායකයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමීත බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියි .
ජනාධිපති ෂී ජින්පින් හා තායිවාන ජනාධිපති මායින්ග් ජියූ අතර මෙම සාකච්ඡා සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත වේ.
දෙරට අතර වරින්වර විවිධ කරුණු සම්බන්ධයෙන් මතභේද හටගත් අතර දකුණු චීන මුහුදේ දූපත්වල අයිතිය පිළිබදවත් සාකච්ඡා මතුවිය.
මේ වනවිට හටගෙන ඇති අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡාවලදී විශේෂ අවධානය යොමු වන බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.







