FAST NEWS

24×7 Around the Globe

දිවයින පුරා දැඩි උණුසුම් කාලගුණයක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි දින කිහිපය තුළ රටපුරා උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට රටට බලපා ඇති අන්තර් මෝසම් සමය තුළ එවැනි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුලතිව්, වව්නියා, ත්‍රිකුණාමලය, පොළොන්නරුව, මඩකලපුව, අම්පාර සහ මොනරාගල දිස්ත්‍රික්කවලට අද වැඩි උෂ්ණත්වයක් වාර්තා විය හැකිය.

සිරුරට දැනෙන උෂ්ණත්වය පාලනය කිරීම සඳහා ප්‍රමාණවත් ජලය පානය කිරීම ඇතුළු ක්‍රියාමාර්ග ගතයුතු බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.