FAST NEWS

24×7 Around the Globe

ඇස්ට්‍රාසෙනෙකා එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල තාවකාලිකව අත්හිටුවයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් පළමු මාත්‍රාව ලබාදීමේ වැඩපිළිවෙල ශ්‍රී ලංකාව තුළ තාවකාලිකව අත්හිටුවන බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.  

අද (02) උදෑසන කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසීය.

ඒ මහතා පවසා සිටියේ, ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සඳහා එලෙස පළමු මාත්‍රාව ලබාදීම තාවකාලිකව අත්හිටුවන බවය.