FAST NEWS

24×7 Around the Globe

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉවත් කරමින් ගැසට් නිවේදනයක්

(ෆාස්ට් නිව්ස් | පොළොන්නරුව) – වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරිය එම තනතුරෙන් ඉවත්කරමින් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.   

එහි දැක්වෙන්නේ ප්‍රාදේශීය සභා පනත යටතේ තමා වෙත පැවරී ඇති බලතල අනුව පත් කරනු ලැබූ විශ්‍රාම ලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චිගේ පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවයි.

වැලිකන්ද ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත කවිඳු අබේසූරිය මහතා ප්‍රාදේශීය සභා පනත යටතේ වරදවල් කිහිපයක් සිදුකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පරික්ෂණයේ වාර්තාවට අනුව සභාපතිවරයා වරදකරු බවට පත්කර ඇති බැවින් ඔහු තනතුරෙන් පහ කරන බවත් ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන්.