FAST NEWS

24×7 Around the Globe

අවුරුදු සමයේ දී කොවිඩ් තෙවන රැල්ලක් ඇතිවීමේ අවධානමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එළඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය හේතුවෙන් කොවිඩ් 19 තුන්වන රැල්ලක් ඇති වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා අනතුරු අඟවයි.   

ගෙවුණු සති දෙක තුන තුළ ජනතාවගේ හැසිරීම අනුව එනම් කඩ සාප්පු වෙත යාම,වෙළෙඳ සැල් තුළ පිරී සිටින ආකාරය දෙස බලු විට එවැනි අවදානමක් හඳුනා ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

එවැනි තත්ත්ව 100% ක් පාලනය කළ නොහැකි වුවද මෙම අවුරුදු සමය ඉතාම සෞඛ්‍යාරක්ෂිතව සැමරීම සඳහා මාර්ගෝපදේශ සහිත උපදෙස් මාලාවක් අද (01) දිනයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටී.

මේ අතර , මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා පරීක්ෂා කිරීම් මේ වනවිට ආරම්භ කර ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කළේය.

ඒ සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ සාම්පල ලැබී ඇති බව ද ඔහු කියා සිටියේය.