FAST NEWS

24×7 Around the Globe

සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිගෙන් දැනුම් දීමක්

(ෆාස්ට් නිවුස් – කටුනායක) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පිටවන ලද කොවිඩ් පරීක්ෂණ රසායනාගාරය එම ස්ථානයෙන් ඉවත් නොකරන ලෙසට පසුගියදා පැවති කොවිඩ් නියාමන කමිටු රැස්වීමේදී සෞඛ්‍ය බලධාරීන් හට ජනාධිපතිවරයා දැනුම් දෙනු ලැබීය.

එම රසායනාගාරය ඉවත් කර, එහි ඇති උපකරණ මිනුවන්ගොඩ රෝහලට ලබා දීමට කටයුතු කරන ලෙසට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපල හරහා යන මගීන් සියලු දෙනාගේ PCR පරීක්ෂණ මෙම රසායනාගාරයෙන් සිදු කිරීමට අවශ්‍ය පසුබිම ලබා දෙන ලෙස සෞඛ්‍ය වෘත්තිකයන් දැඩි විරෝධතාවකට පෙනී සිටියහ.