FAST NEWS

24×7 Around the Globe

චීනය කොරෝනා එන්නත් තොගය දිවයිනට [PHOTOS]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – චීනයේ නිෂ්පාදිත Sinopharm එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගත් ගුවන් යානය අද (31) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර එය නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.   

මෙම අවස්ථාවට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපති තුමා ඇතුළු එම කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද , අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇතුළු විශාල පිරිසක්ද ගුවන්තොටුපල වෙත පැමිණ සිටියහ.