FAST NEWS

24×7 Around the Globe

නිවාඩු අවලංගු කළත් තැපෑල අද ලෙඩ වෙයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිවාඩු අවංලගු කළද තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත.   

තැපැල් සහ විදුලිසංදේශ සේවා සංගමයේ සභාපති චින්තක බණ්ඩාර කියා සිටියේ නිළධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුලු ගැටළු හයක් මුල් කරගනිමින් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දවසේ සියලු ම තැපැල් සේවා කටයුතු අඩාල වනු ඇතැයි තැපැල් හා විදුලි සන්දේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ. කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.

මේ අතර, සියලු ම තැපැල් සේවක නිවාඩු ඊයේ (30) මධ්‍යම රාත්‍රි 12.00 සිට අද (31) මධ්‍යම රාත්‍රි 12.00 තෙක් අවලංගු කරන ලද බව තැපැල්පති නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් වෙත දන්වා තිබේ.