FAST NEWS

24×7 Around the Globe

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.   

ඊයේ (29) පස්වරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.