FAST NEWS

24×7 Around the Globe

විදුලි ජනන සැලසුම් වලදී සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීමට අමාත්‍ය අනුකාරක සභාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කැබිනට් මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමකට අනුව වර්තමාන විදුලි ජනන සැලසුම් සහ සිදුවිය හැකි අඩුපාඩු අවම කිරීම සදහා යෝජිත ක්‍රියාමාර්ග ගැනීම පිණිස වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන සහ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය අනුකාරක සභාවක් පත්කර තිබේ.

අමාත්‍ය අනුකාරක සභාවේ නිර්දේශ සති දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යුතුය.

මේ අතර එහි පළමු කමිටු රැස්වීම මාර්තු 29 වන සදුදා සවස 03.00ට රැස්වීමට නියමිතයි.

2025 වසර වනවිට ඩීසල් හා දැවි තෙල් භාවිතය 5% දක්වා අවම කිරීමත්, 2030 දී එය 1% ක් දක්වා සීමා කිරීමත් විදුලිබල අමාත්‍යාංශයේ පිළිවෙත බව වාර්තා වෙයි.